ප්‍රබල හිම කුණාටුවක් - ජනතාවට දැඩි බලපෑම්
By Ashfa
උතුරු යුරෝපයට (Nordic countries) බලපා ඇති අධික ශීත සහිත කාලගුණය හේතුවෙන් එම කලාපීය රටවල ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇත. ඉන් වැඩි බලපෑමක් ස්වීඩනයට එල්ල වී ඇති අතර, එරට හරහා හමාගිය ජොහැන්නස් කුණාටුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර ප්‍රවාහන පහසුකම් මෙන්ම විදුලිය ඇනහිටීම් රැසක්ම සිදුව තිබේ.
මේ හේතුවෙන් ස්වීඩන් කාලගුණ විද්‍යා හා ජල විද්‍යා ආයතනය එරට උතුරු ප්‍රදේශවලට තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති අතර ජොහැන්නස් කුණාටුවේ බලපෑම හේතුවෙන් ස්වීඩනයේ නිවාස 40,000කට වැඩි සංඛ්‍යාවක විදුලිය ඇනහිටීම් සිදුවීම වාර්තා වේ.
එමෙන්ම දුම්රිය සේවා ගණනාවක් අවලංගු කර ඇති අතර ස්වීඩනයට අමතරව නෝර්වේ සහ ෆින්ලන්තය යන රටවලද නිවාස දසදහස් ගණනකට විදුලිය විසන්ධි වී තිබේ. එම රටවල දුම්රිය සහ ගුවන්තොටුපළ සේවා කිහිපයක්ම අවලංගු කර ඇත.