ක්ලබ් වසන්තට වෙඩි වැදෙන්න පැයකට පෙර චමුදිතට කතා කරලා.. අදාල කතාබහට දම්මික පෙරේරත් ගෑවෙයි..(VIDEO)

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Death Latest Headlines
By krishani Jul 08, 2024 01:25 PM GMT
krishani

krishani

Report

අද (08) උදැසන 10.00 ට පමණ අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුර දී වෙඩිතැබීමක් සිදු වුණා.

ක්ලබ් වසන්තට වෙඩි වැදුණ තැන මීට අවු.7කට කලින් වෙලා තියෙන භයානක දෙය.. ඇහුවොත් ඇඟ කිළිපොලා යයි..

ක්ලබ් වසන්තට වෙඩි වැදුණ තැන මීට අවු.7කට කලින් වෙලා තියෙන භයානක දෙය.. ඇහුවොත් ඇඟ කිළිපොලා යයි..


එම වෙඩි තැබීමෙන් ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මිය ගියේ ය.

ඔහු මිය යාමට ආසන්නයේ එනම් පැයකට පමණ පෙරාතුව, ප්‍රකට මාධ්‍යවේදියෙකු සමග වට්ස්ඇෆ් මාර්ගයෙන් අදහස් හුවමාරු කර ගෙන ඇති බව වාර්තා වනවා.

ඒ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග බවයි ගගන ප්‍රවෘත්ති අංශය වෙත තොරතුරු වාර්තා වුණේ.

එලෙස මිය යාමට පැයකට පමණ පෙර ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතා තම ෆේස්බුක් සමාජ ජාල ගිණුමේ දම්මික පෙරේරා මහතා සමග චමුදිත සමරවික‍්‍රම මහතා සිදු කරන සංවාදයක කොටසක් ඇතුලත් වීඩියෝවක් එක් කර තිබෙනවා.

බදු සම්බන්ධයෙන් දම්මික සහ චමුදිත අතරේ වන සංවාදයක් ඇතුලත් වීඩියෝවක් සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණේ "පොඩි එකාට තමයි හැම බද්දක්ම" යන යෙදුමද සමගින් ය.

ක්ලබ් වසන්තට වෙඩි වැදෙන්න පැයකට පෙර චමුදිතට කතා කරලා.. අදාල කතාබහට දම්මික පෙරේරත් ගෑවෙයි..(VIDEO) | Surendra Wasantha Spoke To Chamuditha Before Shot

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගෙන් ගගන ප්‍රවෘත්ති අශයේ අප විමසීමක් කළා.

එහිදි ඔහු අප සමග කියා සිටියේ වසන්ත පෙරේරා මහතා මියයාමට පැයකට පමණ පෙර වට්ස්ඇෆ් මාධ්‍ය ඔස්සේ තමන් සමග අදහස් හුවමාරු කර ගැනීමක් සිදු වූ බවයි.

ඉන් අනතුරුව වසන්ත පෙරේරා හට වෙඩි වැදී ඇති බවට ආරංචිය චමුදිත හට සැලවීමත් සමග තමන්ට එය අදහාගත නොහැකි ආරංචියක් වූ බවයි අප සමග කියා සිටියේ.

කේ.සුජීවාගේ කකුලට මොකද වුණේ?. කණ්ඩායම් 4ක් එක් වී වහා සැත්කමක් - ඇය ගැන ජාතික රෝහලෙන් ලැබුණ ආරංචිය මෙන්න..(UPDATE)

කේ.සුජීවාගේ කකුලට මොකද වුණේ?. කණ්ඩායම් 4ක් එක් වී වහා සැත්කමක් - ඇය ගැන ජාතික රෝහලෙන් ලැබුණ ආරංචිය මෙන්න..(UPDATE)


එයට හේතුව නම් මිය යෑමට පැයකට පමණ පෙර වසන්ත තමා සමග අදහස් හුවමාරු කර ගැනීමක් සිදුවීම නිසාවෙන් බවයි.

මේ අනුව වසන්ත පෙරේරා මහතා සිය ෆේස්බුක් ගිණුමට එක්කළ සංවාදය ඇතුලත් වීඩියෝව පහතින් නරඹන්න.