කේ.සුජීවාගේ කකුලට මොකද වුණේ?. කණ්ඩායම් 4ක් එක් වී වහා සැත්කමක් - ඇය ගැන ජාතික රෝහලෙන් ලැබුණ ආරංචිය මෙන්න..(UPDATE)

Sri Lanka Police Super Singer Sri Lanka Police Investigation Crime Gun Shooting
By krishani Jul 08, 2024 10:25 AM GMT
krishani

krishani

Report
UPDATE:-

අද (08) දහවල් 2 ට පමණ කේ. සුජීවාව ශල්‍යකර්මයකට භාජනය කර ඇති බව වාර්තා විය.

ඒ සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේ ශල්‍යකර්මයට ප්ලාස්ටික් ශල්‍යවේදීන්, වැස්කියුල ශල්‍යවේදීන්, ඕතොපිඩික් ශල්‍යවේදීන් සහ සාමාන්‍ය ශල්‍යවේදීන් යන කණ්ඩායම් හතරක් පැමිණි බවයි.

ක්ලබ් වසන්තට වෙඩි වැදෙන්න පැයකට පෙර චමුදිතට කතා කරලා.. අදාල කතාබහට දම්මික පෙරේරත් ගෑවෙයි..(VIDEO)

ක්ලබ් වසන්තට වෙඩි වැදෙන්න පැයකට පෙර චමුදිතට කතා කරලා.. අදාල කතාබහට දම්මික පෙරේරත් ගෑවෙයි..(VIDEO)


එම ශල්‍යකර්මයෙන් පසුව ඇයව සාමන්‍ය වාට්ටුවකට ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, මේ වනවිට තත්ත්වය යහපත් බවත් කකුල කපා දැමීමෙන් තොරව බේරාගැනීමට හැකි වූ බවත් ඒ මහතා සඳහන් කළේ ය.


-------------------------------------------------


රෝහලට යැවූ ජනප්‍රිය ගායිකා කේ.සුජීවාගේ තත්ත්වය ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

අතුරුගිරියේ වෙඩි තැබීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ දෙදෙනා මේ වනවිට දැඩි සත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටි.

කේ.සුජීවාගේ කකුලට මොකද වුණේ?. කණ්ඩායම් 4ක් එක් වී වහා සැත්කමක් - ඇය ගැන ජාතික රෝහලෙන් ලැබුණ ආරංචිය මෙන්න..(UPDATE) | K Sujeewa

ඒ බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් මහතා සඳහන් කළේ ය.

ඒ අනුව හදිසි අනතුරු අංශයට කාන්තාවක් හා පිරිමි අයෙකු ඇතුළත් කර තිබිණ.

ඔවුන් දෙදෙනාගේම ඉනෙන් පහළට තුවාල සිදුව ඇතැයි වෛද්‍යවරයා පැවසීය.

අලුත් සතියක් පටන් ගද්දිම ඩොලරයට වුණේ මොකක්ද දන්නව ද?. මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න..(PHOTO)

අලුත් සතියක් පටන් ගද්දිම ඩොලරයට වුණේ මොකක්ද දන්නව ද?. මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න..(PHOTO)


කෙසේ වෙතත්, කාන්තාවගේ කකුළේ තුවාලය බරපතළ වුවත් ඇයගේ තත්ත්වය මේ වනවිට ස්ථාවර මට්ටමට පත්ව ඇතැයි වැඩිදුරටත් වෛද්‍යවරයා සඳහන් කළේ ය.

ඒ පිළිබඳව අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"අද පෙරවරුවේ හදිසි අනතුරු අංශයට අතුරුගිරිය ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ දෙදෙනෙක් ඇතුළත් කළා. ඒ දෙන්නාගේම ඉනෙන් පහළ කොටසට තමා වෙඩි වැදිලා තියෙන්නේ. ඒ වෙඩි තැබීමකින් ඇති වූ තුවාලද වෙනත් ආකාරයෙන් තුවාල ලැබීමක්ද යන්න තහවුරු වෙලා නෑ. නමුත් මේ අවස්ථාවේ දෙන්නාම දැඩිසත්කාර ඒකකයේ රදවමින් කටයුතු කරගෙන යනවා. මේ අවස්ථාවේ කාන්තාවගේ බරපතල තුවාල තිබ්බත් මේ වන විට යම් කිසි ස්ථාවර බවකින් සිහිකල්පනාවකින් යුක්තව පසුවෙනවා. බරපතල තත්ත්වය මොහොතින් මොහොත වෙනස් වෙන්න පුළුවන්. වර්තමානේ බරපතල තත්වයක් නිරීක්ෂණය වෙන් නෑ. නමුත් තුවාලය බරපතලයි. තුවාලය බරපතල නිසා තත්ත්වය බරපතල නෑ කියලා අපිට කියන්න බෑ.''

අද (08) උදැසන 10ට පමණ මෙම වෙඩිතැබීම සිදු විය.

අනිද්දා දිවයින පුරා පාසල් වැසෙයි?. එතකොට හෙට?.

අනිද්දා දිවයින පුරා පාසල් වැසෙයි?. එතකොට හෙට?.


ඒ, අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුර දී ය.

එහිදී ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන 55 හැවිරිදි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ 38 හැවිරිදි අයෙක් ජීවිතක්ෂයට පත් විය.

පොලීසිය සඳහන් කළේ මොවුන් කොළඹ 07 සහ අතුරුගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

එම වෙඩි තැබීමෙන් ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන කේ. සූජීවා ද තුවාල ලැබීය.

එමෙන්ම, තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු ද තුවාල ලබා ඇත.

රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි වෙයි?. රාජ්‍ය සේවක ඔබ දැනගත යුතුම දෙයක් මෙන්න..

රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි වෙයි?. රාජ්‍ය සේවක ඔබ දැනගත යුතුම දෙයක් මෙන්න..


එලෙස තුවාල ලැබූ කේ. සූජීවා සහ පිරිමි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

අනෙක් කාන්තාවන් දෙදෙනා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන අතර වෙඩික්කරුවන් මෝටර් රථයකින් පැමිණ ඇත.

එමෙන්ම, වෙඩි තැබීමට ටී 56 ගිනිඅවි දෙකක් භාවිත කර ඇති බව පොලීස් විමර්ශනවලදී අනාවරණය විය.

අතුරුගිරියේ වෙඩිතැබීමට පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී සොයා ගනු ලැබීය.

කෙසේ වෙතත්, ඝාතකයින් මෝටර් රථයෙන් මාර්ගයේ දමා වෑන් රථයකින් පළා යන අයුරු ද CCTV කැමරාවල සටහන්ව ඇත.