සෞදි අරාබියේ ඇරම්කෝ ෂයිබා තෙල් නිධියට ප්රහාරයක් - පුද්ගලයන් මරුට - තත්ත්වය භයානකයි
සෞදි අරාබියේ ඇරම්කෝ සමාගමට අයත් ෂයිබා තෙල් නිධිය ඉලක්ක කර එල්ල කිරීමට උත්සාහ කළ ඩ්රෝන ප්රහාරයක් හේතුවෙන් විදේශිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
විදෙස් මාධ්ය සඳහන් කරන්නේ මෙම සිද්ධියෙන් පිලිපීන සහ නේපාල ජාතිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පාකිස්තාන සහ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි.
එරට බලශක්ති අමාත්යාංශය නිවේදනය කර ඇත්තේ සෞදි ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් අදාළ ඩ්රෝන යානය ගුවනේදී විනාශ කර ඇති බවයි.
විදෙස් මාධ්ය වාර්තා අනුව, එහිදී කඩා වැටුණු සුන්බුන් හේතුවෙන් තෙල් නිධියේ සේවා සපයන කොන්ත්රාත් සමාගමකට අයත් වාහනයක් ගිනිගෙන ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, මෙම සිද්ධිය හේතුවෙන් තෙල් නිධියේ මෙහෙයුම් කටයුතුවලට කිසිදු බලපෑමක් සිදුව නොමැති බව සෞදි බලශක්ති අමාත්යාංශය සඳහන් කර ඇති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන් අවශ්ය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.