අපි යාලුවෙද්දී ඇයට අවුරුදු 17යි, ඒක තියෙද්දිත් මට තව සම්බන්ධතා කිහිපයක්ම තිබුණා-සුරේන්ද්‍ර පෙරේරා. (PHOTOS)

Gossip Today SL Actress Gossips
By Sithumi Dec 03, 2022 12:50 PM GMT
Sithumi

Sithumi

Report
140 Shares

සිරස සුපර් ස්ටාර් තරඟාවලිය හරහා කළා ක්ෂේත්රයට් පිවිසි පහුගිය කාලයක් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි වුනු දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි සුරේන්ද්‍ර පෙරේරා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම දැන් ඔහු විවාහ වෙලා ආදරණීය බිරිඳයි සිඟිති දියණියයි එක්ක ආදරණීය සුන්දර ජීවිතයක් ගත කරන බවත් කාටත් රහසක් නම් නෙවෙයි.

ඉතින් ඔහුගේ දුවගේ නම තමයි ඩින්‍යා ඩියෝරා පෙරේරා. පහුගිය නොවැම්බර් 13 වැනිදා තමයි එයාගේ උපන් දිනේ තිබුනේ. ඉතින් ඇයගේ පළමු උපන් දිනය පවුලේ අය වගේම ඔහුගේ හිත මිතුරන් එක්ක සමරලා තියෙනවාත් අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම සුපර් ස්ටාර් තරගයට සම්බන්ධ වුණු මුල් කාලේ තමයි ඔහුට ඔහුගේ ආදරණීය බිරිඳ අචිනිව මුණගැහෙන්නේ.

ඔහු සම්බන්ධ වුණු සංගීත ප්‍රසංගයකට ඇය යාළුවෝ එක්ක ඇවිත් ඉඳලා හැමෝම ඔහුත් එක්ක සෙල්ෆි අරගෙන තියෙනවා. ඉතින් අචිනිත් ෆොටෝස් අරගෙන ඔහුත් එක්ක.

ඉතින් ඊට පස්සෙ දවසක සුරේන්ද්‍රට කෝල් එකක් ඇවිත් තියෙනවා ඔහුට කතා කරන්න ඕන කියලා අචිනිගේ ෆෝන් එකෙන්. ඉතින් ඒ ඇමතුම දිගින් දිගටම අරගෙන ගිහිං අවසානයේ ඇයව පෙම්වතිය කරගෙන බිරියත් කර ගත්තා කියලයි සුරේන්ද්‍ර කියන්නේ. ඒ වගේම ඔහු අචිනිට ආදරේ කරද්දී තව කිහිප දෙනෙක් එක්කම සම්බන්ධකම් තිබ්බා කියලත් ඔහු කියනවා.

නමුත් ඒවා දුර දිග ගිය සම්බන්ධකම් නෙමෙයිලු. මොකද ඔහු ඒ හැමෝටම කිව්වේ අපි සම්බන්ධය අරගෙන යමු ගැළපුණොත් බලමු කියලාලු. ඒ වගේම ඔහුත් එක්ක ප්‍රේම සම්බන්ධය ගොඩනගා ගනිද්දී අචිනිගේ වයස අවුරුදු 17ක් කියලයි සුරේන්ද්‍ර කියන්නේ. මුලින්ම ඔවුන් මුණගැහිලා තියෙන්නේ 2008 අවුරුද්දේ.

ඉතින් එදා ඉදලා එයා කට්ට කාගෙන දුක සැප නින්දා ප්‍රසංසා මැද දීර්ඝ ගමනක් ඔහුගෙත් එක්ක අචිනි ආවා කියලත් සුරේන්ද්‍ර කියනවා. අනිත් එක ඇයගේ පළමු පෙම්වතා තමයි ඔහු. ඒ වගේම ලොකු කාලයක් ප්‍රශ්න එක්ක ඔහුත් එක්ක හිටපු ඇය විවාහයට සුදුසුම කෙනා කියලා ඔහුට හිතුනාලු. ඉතින් විවාහයෙන් පස්සේ අචිනි අදටත් පොඩ්ඩක් වත් වෙනස් වෙලා නැහැ හිටපු කෙනාමයි කියලයි සුරේන්ද්‍ර කියන්නේ.

හැබැයි ඇය ටිකක් නපුරුයිලු. ඉතින් ඔහු වගේ කෙනෙකුට හරි යන්නේ එහෙම කෙනෙක් තමයි කියලයි සුරේන්ද්‍ර අවසාන වශයෙන් පැවසුවේ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery