හැත්තෑවේ බෝතලේ දෙසීයට වික්ක සුපිරි වෙළඳ හිමිකරුට ලක්ෂ ගාණක දඩ

Report

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය විසින් කොළඹ පිහිටි සුපිරි වෙළඳ ආයතනයක හිමිකරුවකුට රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කිරීමට ඊයේ (29) දින නියෝග කර තිබෙනවා.

ඒ පාලන මිලට වඩා ඉහළ මිල ගණනකට පානීය ජල බෝතලයක් විකිණූ බවට එල්ලවූ චෝදනාවකට ඔහු වරදකරු වීමත් සමඟයි.

අනුදි ඔයා...ඇය දිනලා ඉවරයි...ලංකාව බැබළ වූ ඇයට අපෙන් සුභ පැතුම්

අනුදි ඔයා...ඇය දිනලා ඉවරයි...ලංකාව බැබළ වූ ඇයට අපෙන් සුභ පැතුම්

ඒ අනුව මෙසේ දඩ මුදල් නියම කෙරුණේ කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි සුපිරි වෙළඳ ආයතනයක හිමිකරුවකුටයි.

අඳාළ වැටලීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රධාන කාර්යාල විමර්ශන ඒකකය වෙත ලැබුණු තොරතුරක් මත සිදු කර තිබුණා.

එහිදී සැකකරු අත්අඩංගුවට ගත් බවට විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයට කරුණු දක්වා ඇත.

ඒ අනුව ඔවුන් කරුණු දැක්වූයේ රුපියල් 70කට විකිණීමට තිබූ පානිය ජල බෝතලය රුපියල් 200කට අලෙවි කරන අවස්ථාවේදී අඳාළ සැකකරුව අත්අඩංගුවට ගත් බවයි.

තවද පාලන මිලට වඩා වැඩි මිල ගණන්වලට වතුර බෝතල් විකිණීම වළක්වාලමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත.

ඒ බව ද සඳහන් කරමින් විමර්ශන නිලධාරීන් අධිකරණයට වැඩිදුරටත් කියා සිටියේ එවන් තත්ත්වයක වැඩි මිලට වතුර බෝතල් විකුණන බවට තොරතුරු හෙළි ව ඇති බවයි.

එබැවින් ඒ අඳාළ ස්ථාන ද වැටලීමට ඉක්මන් පියවර ගෙන පවතී.

තවත් වධකාගාරයක්...කොල්ලො කෙල්ලො එක්ක ගිහින් කෲර විදිහට වධ දීලා

තවත් වධකාගාරයක්...කොල්ලො කෙල්ලො එක්ක ගිහින් කෲර විදිහට වධ දීලා

මහේස්ත්‍රාත්වරිය සැකකරුට දඩ මුදල් නියම කිරීමට කටයුතු කළේ එම කරුණු ද සලකා බලමින් බව සඳහන්.