නොමිලේ ඩීසල් දෙන්න “සුපර් ඊස්ටර්න්” ලංකාවට

Sri Lanka Government of China Sri Lanka Fuel Crisis China Ship In Sri Lanka
By Sewvandhi Nov 25, 2022 11:43 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හෙට දිනයේ (26) චීනය විසින් මෙරටට පරිත්‍යාග කරන ඩීසල් රැගත් නෞකාව දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. එනම් ඩීසල් ලීටර් මිලියන 10.6ක් මෙම නෞකාව තුළ අන්තර්ගත වනවා.

එය මෙරට ගොවීන් සහ ධීවරයින් වෙත පරිත්‍යාග කිරීම සඳහායි ලබා දී ඇත්තේ.

මෙම ඩීසල් තොගය රැගත් “සුපර් ඊස්ටර්න්” තෙල් නෞකාව සිංගප්පූරුවෙන් පිටත්ව හෙට (26) කොළඹ වරායේ නැංගුරම් ලෑමට නියමිත බවයි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha