බලාපොරොත්තු මැද අතුරුදන් වූ නාවිකයා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්

Report

මොරටුව, අඟුලාන ආසන්න මුහුදේදී අනතුරට ලක්ව ගිලී ගිය නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගැනීමට නාවික හමුදාව අද (16) සමත් වූ අතර, අතුරුදන් වූ නාවික හමුදා නිලධාරියා සොයා ගැනීමේ මෙහෙයුම් සිව්වන දිනටත් තවදුරටත් ක්‍රියාත්මක වේ.

නාවික හමුදාවේ විශේෂඥ කිමිදුම් කණ්ඩායම් එක්ව පැය කිහිපයක් මුළුල්ලේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් පසුව මෙම යාත්‍රාව ගොඩගෙන තිබේ.

කෙහෙළිය රඹුක්කැල්ලට මොකද වුණේ? රෝද පුටුවෙන් එන කෙහෙළිය - සුළු මොහොතකට පෙර FCIDයට

කෙහෙළිය රඹුක්කැල්ලට මොකද වුණේ? රෝද පුටුවෙන් එන කෙහෙළිය - සුළු මොහොතකට පෙර FCIDයට

මුහුදේ පැවති දැඩි රළු ස්වභාවය සහ සුළං තත්ත්වය හමුවේ අභියෝගාත්මක ලෙස සිදුකළ මෙම මෙහෙයුමෙන් අනතුරුව, අදාළ යාත්‍රාව කොළඹ වරාය වෙත රැගෙන ඒමට පියවර ගෙන ඇත.

මුර සංචාරයක් නිමවා නැවත පැමිණෙමින් සිටියදී මෙම යාත්‍රාව අනතුරට ලක්වූ අතර, සිද්ධියෙන් අතුරුදන් වූ නාවිකයා සෙවීම සඳහා සෙවුම් මෙහෙයුම් අඛණ්ඩව සිදුකෙරේ.

නාමල්‍ රාජපක්ෂ තව ටික දවසකින් හිරේ යනවා - නඩු තීන්දු කවුද ලියන්නේ? නාමල්ට යකා නගී

නාමල්‍ රාජපක්ෂ තව ටික දවසකින් හිරේ යනවා - නඩු තීන්දු කවුද ලියන්නේ? නාමල්ට යකා නගී

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ මූලික විමර්ශනයක් පැවැත්වීම වෙනුවෙන් විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත්කිරීමට පියවර ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් චමින්ද වලාකුළුගේ මහතා සඳහන් කළේ