කඳුළු ගෑස් නිසා බොහෝ අයට සංකූලතා - නීතීඥ සුනිල් වටගල

By Sithumi Mar 09, 2023 05:40 PM GMT
Sithumi

Sithumi

Report

පසුගිය 26 වනදා ජාතික ජන බලවේගයේ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය එල්ල කළ ජල ප්‍රහාර අසුචි ජලය බවත් එල්ල කළ කඳුළු ගෑස් කල් ඉකුත් වූ ඒවා බවටත් චෝදනා එල්ල වෙනවා.

එලෙස චෝදනා කරමින් ජාතික ජන බලවේගයේ නීතීඥවරුන් කණ්ඩායමක් අද (09) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා නීතීඥ සුනිල් වටගල මහතා, 

"මේ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් සිහිසුන්වූ ඉංජිනේරු මහත්තයෙක් තාම ජාතික රෝහලේ. ගනේමුල්ලේ කෙනෙක් ඊයේ මිය ගියා. සැලකියයුතු පිරිසකට සංකූලතා ඇති වෙලා. මේ කල් ඉකුත් වූ කඳුළු ගෑස් ගහලා තියෙන්නේ කියලා අපිට විශ්වාසයි. දේශීයව සහ ජාත්‍යන්තර ලෙස මේකට ගන්න පුළුවන් ඉහළම පියවර ගන්නවා."  

මේ අතර මාර්තු 7 සහ 8 යන දිනවලදී කොළඹ විශ්වවිද්‍යාලය අවට පැවැති උද්ඝෝෂණ සහ ඊයේ රාත්‍රියේ කැලණිය විශ්වවිද්‍යාලය අවට පැවැති උද්ඝෝෂණය පාලනය කිරීම සඳහා පොලීසිය සහ ආරක්ෂක අංශ ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා ක්ෂේත්‍රයේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරීන්ගේ නාම ලේඛනයක් එළඹෙන 10 වනදට පෙර මානව හිමිකම් කොමිෂන් සභාව වෙත යොමු කරන ලෙස පොලිස්පතිවරයා වෙත අද ලිඛිතව දැනුම් දුන් බව එම කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.