ආණ්ඩුවේ ගුණ කියන්න වටේ යන සුනිල් වටගල

Report

මහජන ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා විසින් මිනිස්සු බලාපොරොත්තු වුණාටත් වඩා වැඩි වැඩ කොටසක් මෙම ආණ්ඩුවෙන් කර ඇති බව පවසා තිබෙනවා.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් බව සඳහන්. මේ අතර ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ,

“ගෙවුණු කාලපරාසය ඇතුළේ සැලකිය යුතු සතුටක් ලබන්න පුළුවන්. නමුත් පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ. අපට ගෙවුණු කාල පරාසයට සාපේක්ෂව මාස හයමාරක් විතර කාලය තුළ මැතිවරණ තුනකට මුහුණ දෙන්න වුණා. ඉතින් පෙරළා රටට සේවය කිරීම වෙනුවෙන් දාගත්තු වැඩ පිළිවෙළවල් සාර්ථක කරගැනීම දිහා බැලුවම පොඩි පසුබෑමක් තියෙනවා.

පුද්ගලයන් 18 කට තුවාල කරමින් ගුවන් යානයක් හදිසියේ ගිනිගයි

පුද්ගලයන් 18 කට තුවාල කරමින් ගුවන් යානයක් හදිසියේ ගිනිගයි

නමුත්. දැන් ඒ සියලු යුගයන් අමතක කරලා දැන් තමයි පීල්ලට වැටිලා වැඩ කිරීමේ අර්ථයෙන් වැඩේ පටන් අරන් තියෙන්නේ. ඔබ විශ්වාස කරනවද මිනිස්සු බලාපොරොත්තු වුණාටත් වඩා වැඩි වැඩ අපි කරල තියෙනවා කියලා. ඔබ කියන්නේ අපි මිනිස්සු රැවටුවා කියලද? නෑ. කිසිම රැවටීමක් නෑ. මං ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රායෝගික ප්‍රශ්න ටිකක් තිබුණා. නමුත් ආණ්ඩුව හරි පීල්ලේ යනවා කියලා ඔබ පිළිගන්න ඕනෑ. අපරාධ මැඩ පැවැත්වීමට අදාළව වගේම දූෂිතයන්ට දඬුවම් දීම ගත්තත් අපට සතුටු වෙන්න පුළුවන්. ඔබ දන්නවා තට්ටු මාරු දේශපාලනය ඇතුළේ මේ දූෂිතයන්ට දඬුවම් දීම කියන එක කවදාවත්ම වුණේ නෑ. එක කට්ටියක් අනික් කට්ටියව රකිනවා. මේ හොරු ටික අනික් හොරු විසින් රැක්කා. නමුත් ඔබ දන්නවා ඉතිහාසයේ පළමු වතාවට ඒ සංස්කෘතිය වෙනස් වෙලා ඇත්ත අපරාධකරුවන්ට දඬුවම් දීමේ ක්‍රියාවලිය ආරම්භ වෙලා තියෙනවා. ඒ ගැන සතුටු වෙන්න ඕනෑ. දේශපාලන හිස ගලවලා පැත්තකින් තියලා ඒ චෞරයන්ට ආයතන ශුද්ධ කිරීමේ ක්‍රියාවලිය ඇතුළේ දඬුවම් දීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා” යනුවෙන්.

මර්වින් පස් කයි, අනේ ආය නම් හිරේ යන්න බෑ දෙයියනේ ආයේ මොකුත්ම කරන් නෑ

මර්වින් පස් කයි, අනේ ආය නම් හිරේ යන්න බෑ දෙයියනේ ආයේ මොකුත්ම කරන් නෑ