දැදුරු ඔයේ ඛේදවාචකයක් - දෙදෙනෙකු මරුට, තවත් 6ක් අතුරුදන්

Report

නිකවැරටිය, කොබෙයිගනේ ප්‍රදේශයේ දැදුරු ඔයේ මංකඩක දිය නෑමට ගිය පිරිසක් අද (16) දියේ ගිලී අනතුරකට ලක්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

 මෙම අනතුරින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන්ගේ සිරුරු මේ වන විට සොයාගෙන තිබේ.

තවද, දියේ ගිලී සිටි තවත් දෙදෙනෙකු බේරාගෙන ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවද පොලීසිය සඳහන් කරයි.

කෙසේ වෙතත්, දිය නෑමට පැමිණි පිරිසෙන් තවත් 6 දෙනෙකු මේ වන විටත් අතුරුදන්ව සිටින අතර, ඔවුන් සොයා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශ එක්ව දැඩි මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් පවතින බවද පොලීසිය වැඩිදුරටත් දන්වා සිටී.

මෙම සිදුවීම ප්‍රදේශය තුළ දැඩි කම්පනයක් ඇති කර තිබේ.

බොරතෙල් බැරලයට ඩොලර් 286ක් ගෙවූ කතාවේ ඇත්ත නැත්ත එළියට..

බොරතෙල් බැරලයට ඩොලර් 286ක් ගෙවූ කතාවේ ඇත්ත නැත්ත එළියට..

ඇමති ලාල්කාන්තගේ කෝටි 46කට අධික වත්කම් බැරකම් එළියට

ඇමති ලාල්කාන්තගේ කෝටි 46කට අධික වත්කම් බැරකම් එළියට