ලෙබනනය - ඊශ්‍රායලය අතර දින 10ක සටන් විරාමයක්
By Shehan
ලෙබනනය සහ ඊශ්‍රායලය අතර දින 10ක සටන් විරාමයකට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, මෙම සටන් විරාමය (EST) පස්වරු 17:00ට (22:00 BST) ආරම්භ වීමට නියමිතය.
මෙම එකඟතාවයත් සමඟ කලාපය තුළ දිගුකාලීනව පැවති උණුසුම්කාරී තත්ත්වය තාවකාලිකව සමනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සටන් විරාමය ක්‍රියාත්මක වන කාලය තුළ දෙපාර්ශවයම ප්‍රහාරවලින් වැළකී සිටීමට එකඟ වී ඇති බවත්, එය සාමය පිළිබඳ ඉදිරි පියවරකට මඟ පාදනු ඇති බවත් වාර්තා වේ.