තුර්කි පාසලක වෙඩි තැබීමෙන් 9 දෙනෙකුට දිවි අහිමි වෙයි
By Kanchana
තුර්කියේ දකුණු ප්‍රදේශයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් මිය ගිය සංඛ්‍යාව නවය දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ.
පාසල් සිසුවෙක් විසින් පන්ති කාමරයක් තුළ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව වාර්තා වී ඇත .
ඉන් තවත් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා තිබේ ඔවුන්ගෙන් හය දෙනෙකු දැනට දැඩි සත්කාර ඒකකයේ සිටින අතර, ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වෙයි.
අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවත් වෙඩික්කරු සියදිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වේ