සමාජ මාධ්‍යයේ කැළඹු 'නාමල් පවුල' - පසන් කස්තුරිආරච්චි CID ගිහින්

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී සාමාජික පසන් කස්තුරිආරච්චි මහතා තම ඡායාරූපය භාවිතා කරමින් සමාජ මාධ්‍ය ජාලාවල පැතිර යන පෝස්ටුව සම්පූර්ණයෙන්ම ව්‍යාජ සහ ගොතන ලද්දක් බව පවසයි.

ඔහු සිය නිල ෆේස්බුක් ගිණුම හරහා සඳහන් කර ඇත්තේ, නාමල් රාජපක්ෂ මහතාගෙන් පසුව ඔහුගේ බිරිඳ ලිමිනි රාජපක්ෂ සහ පුත් කේසර රාජපක්ෂ යන අය රටේ නායකත්වයට පත්වන බවට පළවන සටහන සම්පූර්ණයෙන්ම අසත්‍ය බවය.

වෙබ් අඩවියෙන් ගැලවුණු ලාල් කාන්තගේ වත්කම් ප්‍රකාශය - හේතුව කුමක්ද?

වෙබ් අඩවියෙන් ගැලවුණු ලාල් කාන්තගේ වත්කම් ප්‍රකාශය - හේතුව කුමක්ද?

අදාළ සමාජ මාධ්‍ය පෝස්ටුවේ “නාමල් දෙවරක් ජනාධිපති වීමෙන් පසු 2039 දී ඔහු ඉවත්වන විට ලිමිනි රාජපක්ෂ ඊළඟ වසර 10 රට භාර ගනී, පසුව කේසර රාජපක්ෂ නායකත්වයට පත්වේ” යන ආකාරයේ ප්‍රකාශ අඩංගු බවද එහි සඳහන් විය.

කෙසේ වෙතත්, පසන් කස්තුරිආරච්චි මහතා අවධාරණය කරන්නේ තමන් එවැනි කිසිදු ප්‍රකාශයක් නොකළ බවත්, එම පෝස්ටුව සම්පූර්ණයෙන්ම ව්‍යාජ එකක් බවත්ය. එමෙන්ම මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.