ඉදිරියේදී ලංගම බස් ගාස්තු කාඩ් ක්‍රමයට

Report

ලංගම බස් ගාස්තු ගෙවීම ඉදිරියේදී කාඩ් පත් මගින් පමණක් සිදු කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, මෙම නව ක්‍රමය ඉදිරි මාස කිහිපය තුළ ලංගම සේවාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බවය.

අද (16) මාතර සිට කොළඹ දක්වා ගමන් කරන මගීන්ගේ ගමනාගමන පහසුකම් පිළිබඳව සොයා බැලීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැහැදිලි කළේය.

එමෙන්ම, ලංගමය ඩිජිටල්කරණය කිරීම සහ පොදු ප්‍රවාහන සේවාවේ විශාල වෙනස්කම් ඉදිරි වසර තුනක් ඇතුළත ජනතාවට දැකගත හැකි වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම පියවර ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය නව තාක්ෂණික යුගයකට ගෙන යාමක් ලෙස සැලකේ.

ඉදිරියේදී එල්ල වීමට නියමිත මූල්‍ය පීඩනයට දැන්ම රැකියා දහසකට අධික සංඛ්‍යාවක් කප්පාදු කරන්න සැලැස්මක්

ඉදිරියේදී එල්ල වීමට නියමිත මූල්‍ය පීඩනයට දැන්ම රැකියා දහසකට අධික සංඛ්‍යාවක් කප්පාදු කරන්න සැලැස්මක්

පාසල් නැවත ආරම්භ කරන දිනය ගැන දැනුම්දීමක්

පාසල් නැවත ආරම්භ කරන දිනය ගැන දැනුම්දීමක්

හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුව ගැනීම ගැන පොලීසියෙන් නිවේදනයක්

හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුව ගැනීම ගැන පොලීසියෙන් නිවේදනයක්