දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීමේ මෙහෙයුම් තවදුරටත්
දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම ඇතුළු අපරාධ මර්දනය කිරීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම හා ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ මෙහෙයුම් යටතේ ඊයේ දිනයේ පමණක් වැටලීම් 485ක් සිදුකර තිබෙනවා.
එහිදී අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 489ක්. ඉන් එක් අයෙකු සම්බන්ධයෙන් රැදවුම් නියෝග ලබා ගෙන තිබෙනවා.
එක් සැකකරුවෙකු සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ෂණ ආරම්භ කෙරුණා. ඊයේ දිනයේ දී ආරක්ෂක අංශ භාරයට ගත් මත්ද්‍රව්‍ය අතර හෙරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 155ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 221ක් ද මාවා ග්‍රෑම් 179ක් ද වනවා. මේ අතර අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය උදෙසා දිවයින පුරා විශේෂ මෙහෙයුම් යටතේ ඊයේ දිනයේදී පුද්ගලයින් 24,797 දෙනෙකු පරික්ෂා කර තිබෙනවා.
ඉන් 415 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර 21 දෙනෙකු අපරාධ සම්බන්ධයෙන් සෘජුව හදුනාගත් අයයි. වරෙන්තුකරුවන් 157 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 76 දෙනෙකු ඒඅතර වනවා. අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 166ක්.
අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධව 48 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ සංඛ්‍යාව 2793ක්.