මොඩියුලයේ අසභ්‍ය අඩවිය හෙලිකල සුමංගල හිමිට CID එන්නයැයි නියෝග
නවතම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයන් මුලික කරගනිමින්, ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (22) දිනයේ උන්වහන්සේට කැඳවීමක් කර තිබේ.
ඒ අනුව උන් වහන්සේ මේ වන විට එම දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ඇති බවට වාර්තා වේ.
කෙසේ නමුත් තමන්ව මෙලෙස කැඳවීමට බලපෑ නිශ්චිත හේතුවක් පිළිබඳව මෙතෙක් දැනුවත් කර නොමැති වුවද, එල්ල වන ඕනෑම අභියෝගයකට නොපැකිළිව මුහුණ දීමට තමන් වහන්සේ සූදානම් බවත් උන්වහන්සේ සඳහන් කරයි.