ණය ගනිද්දි පරිස්සමින්..හොඳම යාළුවො දෙන්නා අවාසනාවන්ත ලෙස මෙලොවෙන් සමුගනී..
ණය මුදලක් නිසා හොඳම මිතුරන් දෙදෙනා සියදිවි නසා ගැනීමේ අවාසනාවන්ත පුවතක් පිළිබඳව තොරතුරු මාතලේ ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ඒ තම හොඳම මිතුරාට සයිප්‍රසයේ රැකියාවකට යෑමට වෙනත් පුද්ගලයකුගෙන් ඉල්ලා දුන් රුපියල් ලක්ෂ තුනක මුදල ආපසු ඉල්ලා සිටි අවස්ථාවේදී එම මුදල දීමට නොහැකි වූ මිතුරා සියදිවි නසාගෙන තිබේ.
පසුව ණයට දුන් පුද්ගලයා ද අදාළ ණය මුදල ඉල්ලා බැණ වැදීම නිසා සිත් තැවුලට පත්ව අනෙක් මිතුරා ද කනේරු ඇට කා සිය දිවි නසාගෙන තිබෙන බවයි වාර්තා වෙන්නේ.
මෙලෙස මිතුරාගේ විදේශ රැකියා සිහිනය සැබෑ කර ගැනීමට මුදල් ණයට ඉල්ලා දී ඇත්තේ මාතලේ හිග්ගොල්ල ප්‍රදේශයේ විසිඅට(28) හැවිරිදි එක්දරු පියෙක් බවයි පැවසෙන්නේ.
මොහු විදේශ රැකියාවකට යන සිය මිතුරාට රුපියල් ලක්ෂ තුනක ණය මුදලක් වෙනත් අයකුගෙන් මුදල් අතමාරුවක් කර තිබුණත් නැවත මුදල් ඉල්ලීමේදී එම මුදල ආපසු දීමට නොහැකිවීම නිසා මිතුරා සිය දිවි නසාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
වැඩිදුරටත් වාර්තා වන්නේ, මොහු මෙලෙස මුදල් ලබාගෙන ඇත්තේ වෙනත් අයකුගෙන් බැවින් ඔහුද මුදල් ඉල්ලා නිවෙසට පැමිණ දොස් පැවරීම නිසාවෙන් සිත් තැවුලට පත්ව ඔහුත් කනේරු ඇට කා සියදිවි නසාගෙන ඇති බවයි.
