වයඹ විද්‍යාපීඨ සිසුවිය සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශනයක්
Police spokesman
Death
Law and Order
Latest Headlines
Sinhala news
By Shehan
බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ සිසුවියක් සියදිවි හානි කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් කඩිනම් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පීඨාධිපති ලාල් කුමාර මහතා පවසන පරිදි, මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බව අමාත්‍යංශය විසින් තමාට දැනුම් දී ඇත.
සිසුවිය නේවාසිකාගාරය තුළදී සියදිවි හානි කරගෙන ඇති අතර, මානසික ආතතිය මෙම සිදුවීමට හේතුවූ බව ඥාතීන් සඳහන් කරයි.
විවිධ පාර්ශවයන්ගේ ඉල්ලීම මත, මෙම සිදුවීමේ හේතු සොයා බැලීමට විශේෂ විමර්ශනයක් පවත්වනු ලැබේ.
