හදිසියේම ත්‍රිවිධ හමුදාවම කැඳවමින් කොළඹ ආරක්ෂා තර කෙරේ. හේතුව මෙන්න.

Sri Lanka Army Sri Lanka Police Sri Lanka Government Of Sri Lanka
By Wayomi May 13, 2023 07:33 AM GMT
Wayomi

Wayomi

Report

පොලිස් කැරලි මර්දන ඒකකය කැඳවමින් අද පෙරවරුවේ සිට කොළඹ විශ්ව විද්‍යාලය අවට දැඩි ආරක්ෂාව තර කර තිබෙනවා.

ඒ, රජයට දැඩි බලපෑමක් කිරීමේ ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙමින් ඇති බවට ලද බුද්ධි තොරතුරක් හේතුවෙන්.

මේ අනුව කොළඹ නිදහස් චතුරශ්‍රය සහ අවට ප්‍රදේශය, කොල්ලුපිටිය මංසන්ධිය අවට ප්‍රදේශය, අරලියගහ මන්දිරය අවට ප්‍රදේශය සඳහාද විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

ඒ සඳහා පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාව සහ කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබෙනවා.

ඊයේ රාත්‍රියේ සිට කොළඹ කොටුව ලංකා බැංකු මාවත අවට ආරක්ෂාව ද තර කර තිබුණා.

රජයට දැඩි බලපෑමක් කිරීමේ ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙමින් ඇති බවට රජයේ ඉහළම තැන් වෙත බුද්ධි තොරතුරක් ලැබී ඇති අතර එය කොළඹ විශ්ව විද්‍යාලය මුල් කරගෙන ක්‍රියාත්මක වන බවටයි වාර්තා වී ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW