ශිෂ්‍ය භික්‍ෂුවකට භික්‍ෂු පිරිසක් පහර දී බරපතලයි... හේතුව මෙන්න

By Akash May 01, 2025 10:37 AM GMT
Report

අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ පැවති අරගලය පාවා දුන් බවට චෝදනා කරමින් එම විශ්ව විද්‍යාලයේ භික්ෂූන් වහන්සේලා පිරිසකගේ පහර කෑමට ලක් වූ හිමි නමක් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව අනුරාධපුර පොලීසිය පවසනවා.

විසිරුණු සුන්බුන් ගොඩවල් අපිට අභියෝග නෙමෙයි - ජනපතිගෙන් සැර ප්‍රකාශයක්. (PHOTO) (UPDATE) (LIVE)

විසිරුණු සුන්බුන් ගොඩවල් අපිට අභියෝග නෙමෙයි - ජනපතිගෙන් සැර ප්‍රකාශයක්. (PHOTO) (UPDATE) (LIVE)

මෙලෙස පහර කෑමට ලක්ව තුවාල ලබා ඇත්තේ, අනුරාධපුර පිහිටි ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනුම ලබමින් සිටි 25 හැවිරිදි හිමිනමක් බව සඳහන්.

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලැබූ හන්‍තාන, ඇති විට, උමුන් පිටිය, බෝධාගම සහ මිහින්තලේ යන ප්‍රදේශ වල විහාරස්ථාන වල වැවඩසන ශිෂ්‍ය භික්ෂූන් පිරිසකගේ පහර කෑමට ලක් වූ මෙම ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා.

සරසවි සිසුවාට වදදුන් සියල්ල දැලේ? අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි තීරණයකින් ..

සරසවි සිසුවාට වදදුන් සියල්ල දැලේ? අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි තීරණයකින් ..

තමන් වහන්සේ විශ්ව විද්‍යාලයේ පැවති අරගලය පාවා දුන් බවට චෝදනා කරමින් මෙම භික්ෂූන් වහන්සේලා තමාට අතින් පයින් පහරදී තුවාල සිදු කළ බව තුවාල ලැබූ එම භික්ෂුන් වහන්සේ පොලීසියට ලබා දුන් ප්‍රකාශ වල සටහන් වනවා.

අනුරාධපුර මූලස්ථාන පොලීසියේ නිලධාරීහු කණ්ඩායමක් එම පහරදීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා.