පුහුණුවට ගිය සිසුවියන් දෙදෙනාට රාත්‍රීයේ සිදුවූ දේමෙන්න..සිසුවියක් මුලු ඇඟම රෙද්දකින් වසාගනී..

Sri Lanka
By Aruna Mar 10, 2023 01:42 AM GMT
Aruna

Aruna

Report

රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වෙන සතියක තූර්යවාදක පුහුණුවක් සඳහා පැමිණ සිටි සිසුවියක් නේවාසිකාගාරයේ නිදාගෙන සිටියදී අළුයම් කාලයේ එහි ඇතුළු වූ පුද්ගලයෙකු එම සිසුවියගේ සිරුර අතගානා අවස්ථාවේ සිසුවිය අවදිවී කෑගැසීම නිසා එම පුද්ගලයා පලාගොස් ඇතැයි හසලක පොලිසිය පවසයි.

නිදාගෙන සිටි ඇඳ අසලට පැමිණි එම පුද්ගලයාතමාගේ එක් කකුලක් අතගෑ අවස්ථාවේ අවදි වී කෑ ගැසූ බවත් එයින් කලබලයට පත් වූ එම පුද්ගලයා කොරිඩෝව දිගේ දිව ගිය බවත් එම සිසුවිය පොලිසියට පැමිණිලි කර ඇතැයි කියති.

එම පුද්ගලයා කැමා ටී ෂර්ට් එකක් හා කළු පැහැති කලිසමක් ඇඳ සිටි බවත් එම සිසුවිය වැඩිදුරටත් පවසන්නේ යැයි පොලිසිය පවසයි.

 කොරිඩෝවේ සවිකර තිබූ විදුලි පහන්ආලෝකයෙන් මේ බව දුටු බවත් එම සිසුවිය වැඩිදුරටත් පොලීසියට පවසා ඇතැයි දැන ගැනීමට ඇත තවත් පාසල් සිසුවියක් තමා නිදා සිටි ඇද අසල පිරිමි පුද්ගලයෙකු සිටිනවා දැකඅවතාරයක් යැයි සිතා බියට පත්ව බෙඩ් ශීට් එක පාදාන්තයේ සිට හිස දක්වා පොරවාගත් බව පවසන්නේ යැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙමසිද්ධියට මුහුණ පෑ බව කියන සිසුවියන් දෙදෙනා මහනුවර ප්‍රදේශයේ බාලිකා විද්‍යාලය දෙකක ඉගෙනුම ලබන සතියක කාලයක් සඳහා තූර්යවාදක පුහුණුවීම් සඳහා පැමිණ සිටිසිසුවියන් යැයි ද පොලිසිය වැඩිදුරටත් පැවසීය.

 පොලිස් හදිසි ඇමතුම් අංශයට මේ බව දැනුම් දීමෙන් පසු හසලක පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එහි පැමිණ පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය සිසුවියන් දෙදෙනාට ලිංගික අතවරයක් කිරීමට උත්සාහ කර පලාගිය පුද්ගලයා හොයා හසලක පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

 මෙම පුද්ගලයා ගැන තවම තොරතුරු ලැබී නොමැති බවද පොලිස් ආරංචි මාර්ග වලින් වැඩිදුරටත් දැන ගැනීමට ඇත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now



ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.