රෝහිත බෝගොල්ලාගම මහතාට ඇප - නමුත් නැවතත් රිමාන්ඩ් භාරයට
දූෂණ චෝදනා එල්ල වී ඇප මත මුදා හැරීමෙන් පසු නඩු විභාගයට පෙනී නොසිටීම හේතුවෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. කෙසේ වෙතත්, අදාළ ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් විත්තිකාර බෝගොල්ලාගම මහතා නැවත බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.
මේ අතර, විත්ති වාචකය කැඳවීමකින් තොරව විත්තිකරු නිදහස් කරන ලෙස විත්තියේ නීතිඥවරුන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහාධිකරණ විනිසුරුවරයා, විත්තියේ සාක්ෂි කැඳවන ලෙසටද නියෝග කළේය.