මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් - අත්අඩංගුවට ගත් වාහන වාර්තා විශ්ලේෂණයක්

Report

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයෙන් ලබාගත් දත්ත පද්ධතිය විශ්ලේෂණය කිරීම, වලන දූෂණ විරෝධී ඒකකයේ අධීක්ෂණය යටතේ ආරම්භ කර තිබේ.

දත්ත විශ්ලේෂකයින් විසින් මේ වන විට ආරක්ෂිත ස්ථානයක සිට මෙම විශ්ලේෂණ කටයුතු සිදු කරමින් පවතින බව පොලිසිය ප්‍රකාශ කළේය.

1995 වසරේ සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලැබූ මෙම පද්ධතිය තුළ වාහන මිලියන 9කට ආසන්න සංඛ්‍යාවක වාර්තා අඩංගු වන අතර, එය අධිකරණ නියෝගයක් මත අත්අඩංගුවට ගන්නා ලදී.

මේ පාසල් සඳහා ලබන සඳුදා විශේෂ නිවාඩුවක් - ඒ වෙනුවට 14 සෙනසුරාදා පාසල් පැවැත්වීමට තීරණයක්

මේ පාසල් සඳහා ලබන සඳුදා විශේෂ නිවාඩුවක් - ඒ වෙනුවට 14 සෙනසුරාදා පාසල් පැවැත්වීමට තීරණයක්

මීට අමතරව, පානදුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයකට අනුව, වලන මධ්‍යම දූෂණ විරෝධී ඒකකය විසින් පසුගිය සිකුරාදා මෙම දත්ත පද්ධතිය අත්අඩංගුවට ගන්නා ලදී.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (SLCERT) නිලධාරීන්, කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා පාසලේ (UCSC) මහාචාර්යවරුන්, ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) ආයතනයේ විද්‍යාඥයින් සහ වලන මධ්‍යම දූෂණ විරෝධී ඒකකයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම කටයුතු සිදු කෙරිණි.

ඉන්ධන සැපයුම සීමා කරයි - රට තුළ පෙට්‍රල් හිඟයක් - රතු පැහැති විශේෂ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරයි

ඉන්ධන සැපයුම සීමා කරයි - රට තුළ පෙට්‍රල් හිඟයක් - රතු පැහැති විශේෂ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරයි