මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක් - මේ ප්‍රධාන දේශපාලන පක්ෂය පිළිගත නොහැකි පක්ෂයක් ලෙස නම් කරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට නිල වශයෙන් පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව විසින් එම පක්ෂයේ පාර්ශ්ව වෙත දැනුම් දී තිබේ.
ඒ අනුව, පක්ෂ අභ්‍යන්තර නිලවරණය පැවැත්වීම ඇතුළු අවශ්‍ය සියලු නිර්ණායක සපුරාලීමෙන් අනතුරුව, පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස නැවත ලියාපදිංචි වීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කරන ලෙස කොමිසම වැඩිදුරටත් දැනුම් දී ඇත.