ජනතාව භීතියෙන් - මහ වැසි මැද කැලණි ගඟේ ජල මට්ටමත් ඉහළට
ඉහළ ජල පෝෂක ප්රදේශවලට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව නිසා කැලණි ගඟේ ජල මට්ටම සැලකිය යුතු මට්ටමින් ඉහළ යමින් පවතින බවට තොරතුරු වාර්තා වේ.
එසේම මේ වන විටත් අදාළ ප්රදේශවලට වැසි ඇද හැලෙමින් පවතින බව සඳහන්.
එමෙන්ම ඊයේ (19) දින සවස කාලයට සාපේක්ෂව ගත වූ පැය 24 ක කාලය තුළ කැලණි ගඟේ පූගොඩ ප්රදේශයෙන් ජල මට්ටම අඩි කිහිපයකින් ඉහළ ගොස් ඇති බවට ද නිරීක්ෂණය වී ඇත.
එබැවින් අඛණ්ඩව වැසි පවතින බැවින් ගඟ ආසන්න පහත් බිම්වල ජීවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස ඉල්ලා සිටියි.
හෙට 2 වෙනකල් මේ ප්රදේශවලින් ඉවත්වන්න - වෙන්න යන මහ විනාසය නිසා මේ දිස්ත්රික්ක කොටස් තුනකට බෙදයි - රතු නිවේදන