ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු තවදුරටත් රිමාන්ඩ්
කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ලබන 20 වැනි දින තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.
මෙම නියෝගය මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා විසින් ලබාදී ඇති බව සඳහන්.
එහිදී විමර්ශන අවසන් කර ඒ සම්බන්ධයෙන් එළඹෙන 20 වැනි දින අධිකරණයට කරුණු වාර්තා කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇති බව සඳහන්.
වරුණි බෝගහවත්ත මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ මෝටර් රථයක් මිලදී ගැනීමට සහ එහි කල්බදු වාරික ගෙවීමට මුදල් ලැබුණු ආකාරය තහවුරු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන්.
ඒ අනුව ඇය සතුව තිබූ නවීන මෝටර් රථයක් ද ඉකුත් දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.
කෙසේ වෙතත් මෙම විමර්ශනවලට හේතු වී ඇත්තේ මාතර සමුපකාර සමිතියෙන් රුපියල් බිලියනයකට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෙකු විසින් අදාළ මෝටර් රථයේ කල්බදු වාරික ගෙවා ඇති බවට අනාවරණය වීමයි.