වහාම ක්‍රියාත්මක වන පරිදි රජය මගින් දිවයින පුරා මිලියන 500කින් යුත් යන්ත්‍ර ලබා දේ
දිවයින පුරා පිහිටි සමූපකාර සමිති වෙත රුපියල් මිලියන 500ක පිරිවැයකින් යුත් නවීන තාක්ෂණික වී වියළන යන්ත්‍ර 50ක් ලබාදීමේ විශේෂ ව්‍යාපෘතියක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය මගින් ආරම්භ කර තිබේ.
මෙම ව්‍යාපෘතියට අදාළව සමූපකාර කොමසාරිස්වරුන් සහ ප්‍රතිලාභී සමූපකාර සමිති දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් අද (06) හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනයේදී පැවැත්වුණේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම සෑම යන්ත්‍රයකින්ම දිනකට වී මෙට්‍රික් ටොන් 20ක පමණ ප්‍රමාණයක් වියළීමේ ධාරිතාවක් පවතින බව අමාත්‍යාංශය සඳහන් කරයි.
වඩාත් සක්‍රීය සහ ස්ථාවර මට්ටමක පවතින සමූපකාර සමිති පිළිබඳව නිසි වාර්තා ලබාගැනීමෙන් අනතුරුව මෙම යන්ත්‍ර බෙදා හැරීමට කටයුතු යොදා ඇත.