රාජ්‍ය සේවයට එක්වීමට බලා සිටි ඔබට සුබ ආරංචියක් - අධිකරණ ලිපිකරු III ශ්‍රේණියේ විභාගයේ ප්‍රතිඵල එළියට
By Malith Madushan
අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමට පැවැත්වූ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.
අදාළ ප්‍රතිඵල අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.jsc.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකි බව සඳහන් වේ.
මේ අතර, එම බඳවා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ 2026 නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිතය. එදින පෙරවරු 9.00 සිට කොළඹ 12 පිහිටි මහාධිකරණ පරිශ්‍රයේදී සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.