අද රාත්‍රී 11.30 දක්වා අනතුරු ඇගවීම් නිකුත් කෙරේ - ජනතාව ප්‍රවේශම් වෙන්න

Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද රාත්‍රී 11.30 දක්වා වලංගුවන පරිදි ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු මැද, වයඹ, දකුණ, බස්නාහිර, නැගෙනහිර පළාත්වලත් වව්නියා දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල පස්වරු 1.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ හැකියාවක් පවතින බව දැනුම් දී ඇත.

ආයෙත් ලෝකෙම අඳුරට? කොරෝනාවට නොදෙවෙනි හැන්ටා වෛරසය - තවත් ආසාදිතයන් 3ක් මතුවෙයි

ආයෙත් ලෝකෙම අඳුරට? කොරෝනාවට නොදෙවෙනි හැන්ටා වෛරසය - තවත් ආසාදිතයන් 3ක් මතුවෙයි

ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත.