ඉදිරි පැය 24 අවදානම් - වහාම මේ ප්‍රදේශ වල ජනතාව ප්‍රවේශම වෙන්න
By Ashfa
බස්නාහිර, සබරගමුව,මධ්‍යම, ඌව, වයඹ, උතුරු, උතුරු මැද, දකුණු පළාත් සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (08) පෙ.ව. 11.00 ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට පෙ.ව. 01.00 දක්වා වලංගු වෙයි.
ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, උතුරු, උතුරුමැද සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිතවැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතියි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.