කාලගුණයෙන් දිස්ත්‍රික්ක 23කට හදිසි රතු නිවේදනයක්

Report

දිවයිනේ දිස්ත්‍රික්ක 23ක් සඳහා බලපැවැත්වෙන පරිදි ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද (25) පෙරවරු 11.00ට නිකුත් කර ඇති මෙම නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අධික වැසි මැද මධ්‍යම කඳුකරයට භූ චලන අවදානමක් - විශේෂඥයෙකුගෙන් අනතුරු ඇඟවීමක්

අධික වැසි මැද මධ්‍යම කඳුකරයට භූ චලන අවදානමක් - විශේෂඥයෙකුගෙන් අනතුරු ඇඟවීමක්

ඒ අනුව අනුරාධපුර, අම්පාර, කළුතර, කෑගල්ල, කිලිනොච්චිය, කුරුණෑගල, කොළඹ, ගම්පහ, ගාල්ල, ත්‍රිකුණාමලය, නුවරඑළිය, පුත්තලම, පොළොන්නරුව, බදුල්ල, මඩකලපුව, මන්නාරම, මහනුවර, මාතලේ, මුලතිව්, මොනරාගල, යාපනය, රත්නපුර සහ වවුනියාව යන දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇඟවීම අදාළ වේ.

එම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සඳහන් වේ.

එම වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.


GalleryGalleryGalleryGallery