වැඩ වර්ජනය අසාධාරණයි ! ප්‍රවාහන අමාත්‍යංශය හේතු කියයි
දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් ක්‍රියාත්මක කර ගෙන යන වැඩ වර්ජනය අසාධාරණ බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසා සිටියා.
ජනතාව අපහසුතාවයට පත් කරමින් සිදු කර ගෙන යන මෙම වැඩ වර්ජනය හේතුවෙන් මහජනතාව දැඩි අපහසුතාවයට පත් වන බව ඔවුන් අවධාරණය කළා
දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සදහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් යොමු කර පුරප්පාඩු 909ක් සඳහා මේ වන විටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැති ලබා ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කර සිටියා.
ඊට දුම්රිය ස්ථානාධිපතිවරු 106 දෙනෙකු ද ඇතුළත් බවයි සඳහන් වන්නේ.
එමෙන්ම, වෘත්තිය සමිති සිදු කරන ඉල්ලීම්වලට අමාත්‍ය මට්ටමින් විසදුම් දී ඇති බවත්, දුම්රිය සේවාව පවත්වාගෙන යාමට අමාත්‍යාංශය මෙන්ම රජය ද සෑම අයුරකින්ම නොපසුබටව ක්‍රියාකරන බවත් ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.