වහාම ක්‍රියාත්මක වන පරිදි වෙළෙඳපොළට ගෑස් බෙදා හැරීම අත්හිටුවයි..!
By Sewvandhi
නැවත දැනුම් දෙන තුරු දේශීය වෙළෙඳපොළට ගෑස් බෙදා හැරීම අත්හිටුවීමට රජය විසින් තීරණය කර තිබෙනවා.
සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින්මේ බව තහවුරු කළා.
මේ අතර මේ සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව් කේක් වෑගපිටිය ගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ සිය සමාගම වෙත පාරිභෝගික අධිකාරියෙන් හෝ පාරිභෝගික රක්ෂණ අමාත්‍යවරයාගෙන් එවැනි දැනුම්දීමක් සිදුකර නොමැති බවයි
ඔවුන්ගේ ගෑස් බෙදාහැරීමේ කටයුතු සහ ලෙවි කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |