කංජිපානි ඉම්රාන් සහ පලනි ශිරාන්ගේ ප්‍රධාන ගෝලයෙක් සහ කාන්තාවක් අත්අඩංගුවට
විදේශගතව සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කංජිපානි ඉම්රාන් සහ පලනි ශිරාන් යන අයගේ මෙහෙයවීම මත මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ ප්‍රධාන අනුගාමිකයෙකු සහ ඔහුට ආධාර අනුබල දුන් කාන්තාවක අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබේ.
විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඊයේ (06) වත්තල පොලිස් වසමේ ආසිරි උයන තුන්මන් හංදිය අසලදී මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී හෑදල වත්තල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු සහ එම ප්‍රදේශයේම පදිංචි 29 හැවිරිදි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.
මෙම වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී හැෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05යි ග්‍රෑම් 137ක ප්‍රමාණයක් සොයා ගැනීමට නිලධාරීන් සමත් වූ අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් මෝටර් රථයක් සහ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් 29 හැවිරිදි කාන්තාව මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකිරීම සඳහා සෘජුවම ආධාර අනුබල දී ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
මොවුන් දෙදෙනා කලක පටන් විදේශගතව සිටින අපරාධකරුවන්ගේ උපදෙස් මත මෙම ජාලය ක්‍රියාත්මක කර ඇති බවට පොලිසිය සැක කරන අතර සැකකරුවන් සහ නඩු භාණ්ඩ ඉදිරි විමර්ශන කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.