මෑත ඉතිහාසයේ බංග්ලාදේශයේ පැතිරගිය මාරාන්තිකම රෝගය - 100ක් මරුට - රට පුරා හදිසි එන්නත් කිරීම්
සරම්ප රෝගය හේතුවෙන් බංග්ලාදේශය තුළ හදිසි එන්නත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මාසයක පමණ කාලයක් තුළදී බංග්ලාදේශයේ සරම්ප රෝගය වැළඳුණු බවට සැක කෙරෙන පුද්ගලයින් සිය දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්. එමෙන්ම ඒ අතරින් බහුතරයක් කුඩා දරුවන් බවද වාර්තා වේ.
එබැවින් බංග්ලාදේශය පුරා හදිසි එන්නත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ මෑත ඉතිහාසයේ බංග්ලාදේශය තුළ පැතිරගිය මාරාන්තිකම රෝගය මෙයවිය හැකි බවයි.
ඉකුත් මාර්තු 15 වන දින සිට සරම්ප බවට සැක කෙරෙන රෝගීන් 7,500 දෙනෙකු පමණ වාර්තා වී ඇති අතර ඔවුන් අතරින් 900 දෙනෙකු සරම්ප රෝගීන් බවට හඳුනාගෙන ඇති බව සඳහන්.
එසේම 2025 වසරේදී එරටින් හමුවී ඇති සරම්ප රෝගීන් සංඛ්‍යාව 125කි.
මේ අතර විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෑත කාලයේදී එන්නත් කිරීම් නිසි ආකාරයෙන් සිදු නොකිරීම රෝග ව්‍යාප්තියට හේතුවී ඇති බවයි.