නවීකරණය කළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ගැන ඇහෙන අලුත් ආරංචිය

Report

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළෙහි නවීකරණ කටයුතු රුපියල් මිලියන 424 ක මූල්‍ය පිරිවැයක වියදමින් සිදු කරනු ලබයි .

බිම් මහළ බස් නැවතුම් අංගනය ලෙසත් දෙවන මහළ රියදුරු හා කොන්දොස්තර විවේකාගාර සදහාත්, තුන්වන මහළ පරිපාලන හා මෙහෙයුම් සේවා සදහාත් යොදා ගත හැකි පරිදි පහසුකම් වැඩි දියුණු කරනු ලැබේ

අලුත් අවුරුදු ප්‍රවාහන සේවා ලබන 09 වන බ්‍රහස්පතින්දා පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනගරත්න මහතා සදහන් කර තිබේ.

තවද එතුමා සදහන් කළේ ඒ සදහා අතිරේක බස් රථ 1500 ක් පමණ යොදවා ඇති බවත් එහිදිී කොළඹ, මධ්‍යම බස් නැවතුම්පලේ සිට හැටන්, බදුල්ල, මහනුවර, බණ්ඩාරවෙල, අනුරාධපුර, ත්‍රිකුණාමලය, යාපනය, හලාවත හා පුත්තලම ආදී ගමනාන්ත රැසකට බස් රථ ධාවන සැලසුම් ක්‍රියාත්මක බවයි.

මේ ප්‍රදේශ වලට ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීම්

මේ ප්‍රදේශ වලට ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීම්

මීට අමතරව, අධිවේගී මාර්ග ආශ්‍රීතව ද ශ්‍රී ලංගම විශේෂ අවුරුදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක අතර, එහිදී ගාල්ල සහ මාතර ගමනාන්ත වෙත ප්‍රමුඛස්ථානය ලබාදී ඇත

ජාතික ගමනාගමන කොමිෂන් සභාවද අලුත් අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ලබන සතියේ ආරම්භ කිරීමටය සැලසුම් කර තිබේ .

''බලශක්ති ඇමති නොදන්න ,අපි දන්න ඊයේ විදුලිය කැපීම '' මන්ත්‍රී අජිත්ගෙන් සැර ප්‍රකාශයක්

''බලශක්ති ඇමති නොදන්න ,අපි දන්න ඊයේ විදුලිය කැපීම '' මන්ත්‍රී අජිත්ගෙන් සැර ප්‍රකාශයක්