දකුණු කොරියාවේ නායක කිම් ජෝන් වුන්ගේ නායකකම වෙනස් වෙයි? අලුත් නායිකාවක් පත්වුණාද?
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට උතුරු කොරියානු නායක කිම් ජොන් වුන්ගේ නව යොවුන් වියේ පසුවන දියණිය ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස දැනටමත් නම් කර ඇති බව දකුණු කොරියාවේ ජාතික බුද්ධි සේවය (NIS) හෙළි කර ඇත.
පසුගියදා පැවති රහසිගත පාර්ලිමේන්තු රැස්වීමකදී දකුණු කොරියානු බුද්ධි අංශ නිලධාරීන් කරුණු දක්වමින් පවසා ඇත්තේ, ඇය උතුරු කොරියාවේ අනාගත නායකත්වයට පත්වීම සම්බන්ධයෙන් පවතින සැකයන් දුරු කිරීම සඳහා එරට රජය විසින් සැළසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.
මෑතකදී උතුරු කොරියානු මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරන ලද, කිම් ජොන් වුන්ගේ දියණිය යුද ටැංකියක් පදවන අයුරු දැක්වෙන දර්ශන මෙහිදී විශේෂ අවධානයට ලක්ව ඇත.
ඇය සතු යුධමය දක්ෂතාවය සහ නායකත්ව හැකියාව ප්‍රදර්ශනය කිරීමත්, විශේෂයෙන්ම කාන්තා උරුමකරුවෙකු සම්බන්ධයෙන් සමාජය තුළ පැවතිය හැකි සැකයන් මැඩපැවැත්වීමත් මෙම ප්‍රසිද්ධ කිරීම්වල මූලික අරමුණ වී ඇති බව බුද්ධි අංශ පෙන්වා දෙයි.
ජාතික බුද්ධි සේවය මන්ත්‍රීවරුන්ට පවසා ඇත්තේ මෙම තක්සේරුව හුදු අනුමානයක් මත පමණක් නොව, තම ආයතනය විසින් රැස් කරන ලද "විශ්වාසදායක බුද්ධි තොරතුරු" මත පදනම් වූවක් බවයි.
ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් මෙම තොරතුරු තහවුරු කරමින් ප්‍රකාශ කළේ ඇය අනුප්‍රාප්තිකයා ලෙස පත් කිරීමේ ක්‍රියාවලිය දැනටමත් සැලකිය යුතු මට්ටමකින් ඉදිරියට ගොස් ඇති බවයි.
කෙසේ වෙතත්, උතුරු කොරියාවේ අනුප්‍රාප්තික ජාලය සම්බන්ධයෙන් ඇතැම් විදේශීය විශ්ලේෂකයින් තවමත් දැඩි විමසිල්ලෙන් පසුවන අතර නායකත්වයේ වෙනසක් සිදුවන තෙක් ඒ පිළිබඳව නිශ්චිත නිගමනයකට එළඹීම අපහසු බව ඔවුන් පවසයි.