කෝටියක වාලම්පුරියකට නොහිතපු වෙලාවක සිදු වූ දේ..

Sri Lanka Police STF
By krishani Sep 12, 2022 06:21 AM GMT
krishani

krishani

Report

රුපියල් කෝටියක මුදලකට විකිණීමට තැත් කළ වාලම්පුරියක් සමග පුද්ගලයෙකු විශේෂ කාර්‍ය බලකාය අත් අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්‍ය බලකායේ අම්පාර කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත්තේ ඊයේ (11) අම්පාර පොලිස් වසමේ දි වේ.

විශේෂ කාර්‍ය බලකායේ නිලධාරින්ට ලද බුද්ධි තොරතුරකට අනුව උපාය දූතයෙකු යොදා දූරකථන මාර්ගයෙන් වාලම්පුරිය අලෙවියට තැත් කිරීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගනිමින් මෙම වැටලීම සිදු කෙරුණු අතර සැකකරු ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙකු වේ.

ඔහු විසින් මෙම වාලම්පුරිය පැපුවානිව්ගිනියාව රාජ්‍යයේ පෞද්ගලික භාණ්ඩ අලෙවිසැලකින් සොරාගෙන ගුවන් මගින් මෙරටට ගෙන එමින්, සූක්ෂ්ම ලෙසින් රේගුවට හසුනොවෙන්න රැගෙන ගොස් ඇත.

අදාළ පුද්ගල‍යා කලක් පැපුවානිව්ගිනියා රාජ්‍යයේ සේවය කළ අයෙකු බව අනාවරණ වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අම්පාර පොලිසිය සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha