ලෝක උරුම සිංහරාජයෙන් මහා ජාවාරමක් හෙළිවෙයි..(PHOTOS)

Sri Lanka STF Sinharaja porest Deniyaye
By Aruna Oct 13, 2021 06:03 AM GMT
Aruna

Aruna

Report

ලෝක උරුම සිංහරාජ රක්ෂිතයට ඇතුළුවී වල්ලපටිට කැපු පුද්ගලයකු විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට  පත්ව තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ හම්බන්තොට කලාප අණදෙන තුමාගේ උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය දෙනියාය කඳවුරේ නිලධාරීන්ට බූස්ස යුධ හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව දෙවන කදවුර අණදෙන නිලධාරී. පොලිස් පරික්ෂක . එච්.ඒ.එම්. මදුසංක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2021.10.12 වන දින මොරවක පොලිස් වසමේ අඹේවෙල, කලුබෝවිටියන ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී පැය 1920 ට ලෝක උරුමයක් ලෙස නමිකරඇති සිංහරාජ රක්ෂිතයට ඇතුළු වී වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේද බලපත්‍රයක් නොමැතිව වල්ලපට්ටා දැව කපා එම කොටස් නිස්සාරණ කරන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දියදාව අඩවි වන කාර්යාලය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු :- වයස :- අවු: 49 යි. අඹේවෙල, කලුබෝවිටියන.

අත්අඩංගුවට ගත් භාණ්ඩ :- වල්ලපට්ටා කිලෝ ග්‍රෑම් 658.9 යි.

නිස්සාරණය කරන ලද ද්‍රවණ මිලි ලීටර් 30 යි. බීකර 05 යි. බොයිලේරු 05


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery