එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ශ්‍රී ලංකාව ගැන විශේෂ නිවේදනයක්..!
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාක් ඇන්ඩ්‍රෆ්‍රෙන්ච් මහතා පවසන්නේ, ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් තාක්ෂණික සහ මූල්‍ය සහාය ඉදිරියට ද නොඅඩුව ලබා දෙන බවයි.
සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවු අවස්ථාවේ දී ඔහු මේ බව සඳහන් කළ බවය.
ඔහු එහිදී සඳහන් කර ඇත්තේ,දීර්ඝ කාලයක් පුරා මෙරට රජය සහ ජනතාව සමඟ ගෙනගිය හවුල්කාරිත්වය තවත් ශක්තිමත් කරමින් ඉදිරියට ද ඒ සඳහා අඛණ්ඩව කටයුතු කරන බවයි.
මෙහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරකවරයා පෙන්වාදී ඇත්තේ පසුගිය මැතිවරණය තුළ ලබාදුන් විශාල ජනවරමත් සමග මහජන අපේක්ෂාවන් ද ඉහළ මට්ටමක පවතින බැවින් ඉදිරි කාලසීමාව අභියෝගාත්මක වනු ඇති බවය.