ලංකාවම දැඩි අනතුරක - වැටලීමකින් හමුවු දේවල්

Report

කොකෙන් සහ කුෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සමත්ව තිබේ.

ඊයේ (13) වැල්ලවත්ත පොලිස් වසමේ කොලින්වුඩ් මාවත ප්‍රදේශයේදී වළාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

වහාම ශ්‍රී ලාංකිකයන් පිරිසක් පිටුවහල් කරයි..!

වහාම ශ්‍රී ලාංකිකයන් පිරිසක් පිටුවහල් කරයි..!

මෙහිදී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 36ක්, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 203ක් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන මුදල් රුපියල් 1,875,000ක් ජංගම දුරකථන 05ක් මුදල් ගණන් කිරීමේ යන්ත්‍රයක් බැංකු කාඩ්පත් 02ක් හා ඉලෙක්ට්‍රොනික් තරාදියක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 26ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු සිදුකරනු ලැබූ අනාවරණයෙන් පසු තොරතුරු අනුව කොලින්වුඩ් මාවත ප්‍රදේශයේදී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 මිලිග්‍රෑම් 600ක් සමග තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

හංවැල්ලම හුදෙකලා කරන බස් ලලිත්...

හංවැල්ලම හුදෙකලා කරන බස් ලලිත්...

එම සැකකරුවන් අවුරුදු 24 හා 25 වයස්වල පසුවන මට්ටක්කුලිය හා කොළඹ 14 ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. ඔවුන් තිදෙනා වැල්ලවත්ත පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ෂන සිදු කරයි. 

…………………………………………………………………………

You may like this video 👇