පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍යවරිය රෝහලේ සිට කළ ප්‍රකාශය

Minister of Health
By Thaya Jan 31, 2021 06:03 PM GMT
Thaya

Thaya

Report

මෙරටට ගෙන්වන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්යමණ්ඩල සහ ආරක්ෂක සේවාවන් සඳහා ලබාදීමේ කටයුතු ආරම්භ කිරීමට ලැබීම පිළිබඳ තමා ඉතා සතුටට පත්වන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

සෞඛ්‍ය අමාත්‍යාංශ, මාධ්‍ය ලේකම් විරාජ් අබේසිංහ මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

තමන් මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබාගනිමින් සිටින බැවින් පළමු එන්නත්කරණ වැඩසටහනට සහභාගිවීමට නොහැකි වූවත් එන්නත්කරණ වැඩපිළිවෙල ඉතා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් කර ඇත.

- උපුටා ගැනීම -

මෙම එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කිරීමත් සමග මෙරට කොවිඩ් වෛරසය මර්දනය වැඩපිළිවෙල තවත් ශක්තිමත් වන බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සාකච්ඡා කොට එන්නත්කරණ වැඩපිළිවෙළක ඇති වැදගත්කම පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කළ බවත්, ඒ අනුව ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වය සහ මැදිහත්වීම මත මෙරටට මෙම එන්නත බලා පොරොත්තු වූ කාල සීමාවටත් පෙර ලබාගැනීමට හැකි වීම සතුටට කරුණක් බව ද පැවැසීය.

කඩිනමින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමට කටයුතු කළ ඉන්දීය අග්‍රාමාත්‍යතුමා ඇතුළු ඉන්දීය රජයටත්, මෙම කටයුතු සම්බන්ධීකරණය කළ ජනාධිපතිතුමාගේ උපදේශක ලලිත් වීරතුංග මහතා ඇතුලු කොවිඩ් එන්නත්කරන කමිටුසාමාජිකයින් සියලුදෙනාටත්, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්රතනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු දේශපාලන නායකත්වයටත්, ශ්‍රී ලංකා සහ ඉන්දියානු මහ කොමසාරිස්වරුන් හටත්, සෞඛ්‍ය ලේකම් තුමා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමා ඇතුළු සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ටත්, එන්නත ලැබුනු අවස්ථාවේ සිට බෙදාහැරීම් කටයුතු සිදුකරන සහ එන්නත්කරණ වැඩපිළිවෙලට සම්බන්ධ වෛද්‍ය, හෙද ඇතුලු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ නන් අයුරින් සහයෝගය දැක් වූ සියලුදෙනාටත් සිය ස්තූතිය මෙම අවස්ථාවේ පුද කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය පැවැසීය.

බස්නාහිර පළාතේ රෝහල් 6 කදී ආරම්භ වූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම අදියර වශයෙන් හෙට දින සිටම මුළු දිවයිනම ආවරණය වන පරිදි සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සඳහා එන්නත්කරණය කිරීමට පියවර ගෙන ඇති බවත්, මෙරට සියලු ජනතාවට ද එන්නත ලබාදීමට ඉදිරියේ දී කටයුතු සිදුකරන බවත් පැවැසූ සෞඛ්‍ය අමාත්‍යවරිය කොවිඩ් මර්දනය සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් මෙරටින් කොවිඩ් වෛරසය තුරන් කිරීමටසෞඛ්යන අමාත්‍යවරිය ලෙස කැපවී කටයුතු කරන බවද පැවැසීය