දේශපාලනය පිස්සු නටද්දී සංගක්කාර කෙටියෙන් මුලු රටටම කියපු රටක් වටින කතාව

sri lanka politics Kumara Sangakkara crcketer
By Sewvandhi Jan 05, 2022 05:44 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ලෝ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පළ කළ අදහසක් මේ වනවිට අන්තර්ජාලයේ විශාල ජනප්‍රියත්වයක් ලබා ගැනීමට සමත්ව ඇති ආකාරයක් දැකගන්නට ලැබෙනවා.

ඔහු මොනවා කිව්වත් හැම කෙනෙක්ම ඔහුට ඇහුම්කන් දෙන්නේ ඔහු කියන කරන දේ සත්‍යක් අර්ථයක් තියෙන නිසයි. ඔහුව ජනතාවට විශ්වාස නිසයි. 

සංගක්කාර පෙන්වා දෙන්නේ ජාති ආගම් කුල වශයෙන් බෙදී සිටිනවාට වඩා එක්ව කටයුතු කළහොත් විශාල ජයග්‍රහණ රැසක් ලබා ගත හැකි බවයි.ඔහු සරල උදාහරණයක් සහිතව කියන්නේ මෙවැන්නක් 

"මෙතැන ඇඟිලි කීයක් තියෙනවද, පහයි, ඔබ හිතලා බලන්න අපේ රටේ ඉන්න එක ජනකොට්ඨාශයක් එක් ඇඟිල්ලක් විදිහට, දැන් එක ඇඟිල්ලක් අරගෙන අනෙක් අතට ගහන්න, සමහර විට මේ සිංහල කතා කරනවා විය හැකි, බෞද්ධ විය හැකියි මේ එකක්, ඔබට ඇහෙනවද ඉන් නැගෙන්නේ අඩු ශබ්ධයක්.

අපි තව ජනකොට්ඨාශයක් එකතු කරමු, ඇඟිලි දෙකකින් ගහන්න මේ විදිහට, දැන් නැගෙන ශබ්ධය ඊටත් වඩා ටිකක් වැඩියි, දැන් ජනකොට්ඨාශ තුනක් එකතු කරමු, දැන් හතරක්. ඔක්කොම එකතු වුණාම ඔබට ඒ හඬ ඇහෙනවද.

ඒ හඬ තමයි රටේ සැබෑ හඬ. ඔබට පෙර සිටි අය කළ කි දෑ අමතක කරන්න. එතකොට එකට නැගී සිටිය හැකියි. ඔබට අවස්ථාවක් ලැබුණු විට ඊළඟ පරම්පරාවට ඒ පණිවිඩය ගෙන යන්න. ශ්‍රී ලංකාව එකම රටක් විදිහට ගොඩනගන්න ඔබත් එකතු වෙන්න..."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now