සෑම වසරකදීම කොවිඩ් එන්නතක්..! කරන්න යන්නේ මෙහෙමයි..
එන්නත්කරණය මඟින් බලාපොරොත්තු වන්නේ කොරෝනා ව්‍යාප්තිය සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් තත්වයට පත්කිරීම බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අණුක ජෛව විද් අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරයි.
අද වන විට ලොව ප්‍රමුඛතම ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය වී ඇති බවත් අන් සියලු ප්‍රභේද සියයට එකක් තරම් පහල බැස ඇති බවත් ඇය පැවසුවාය.
ඉදිරියේදී කොරෝනා එන්නද වසරක් පාසා ඇතැම් කාණ්ඩ වලට ලබා දීමට සිදුවනු ඇතැයිද ඇය කියා සිටී. කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මේ බව කියා සිටියාය.
එමෙන්ම, කොවිඩ් ආසාදනය වී පසුව එන්නත් ලබාගත් හෝ එන්නත් ලබාගෙන පසුව කොවිඩ් ආසාදනය වූ පුද්ගලයින් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අණුක ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය අනාවරණයක් කළාය.
එහිදී මහාචාර්යවරිය පෙන්වා දෙන්නේ එවැනි අය තුළ ඇතිවන ප්‍රතිශක්තිකරණය ඉතාමත් ඉහළ බවය.
"ඩෙල්ටා විකෘති වෙන්නේ තව තව සීග්‍රයෙන් පැතිර ගියොත් තමයි. කොවිඩ් එන්නත් දෙකම ලබාගෙන කොවිඩ් හැදිලා හරි, කොවිඩ් හැදිලා එන්නත් ලබාගත් අය ගත්තොත්. එහෙම වුණාම ඇතිවන කොවිඩ් ප්‍රතිශක්තිය ඉතාමත්ම ඉහළයි. මහාචාර්ය සාරා ගිල්බට් පැවසුවේ කොවිඩ් සාමාන්‍ය හෙම්බිරිස්සාවක් තත්ත්වයට පත්කළ යුතු බව. ලෝකයේ සියලුම රටවල ඩෙල්ටා. අනෙකුත් ප්‍රභේද 1%ක් බවට පත්වෙලා. ප්‍රභේද වෙනස් වෙයි. ඉන්ෆ්ලුවන්සා වගේ එන්නත ලබාදෙන්න වෙයි."
මේ අතර නිදන්ගත රෝගවලන් පෙළන සහ විශේෂ අවශ්‍යතා සහිත වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට එන්නත් ලබාදෙමින් දරුවන් සඳහා එන්නත් කිරීමේ වැඩසටහන ආරම්භ වුණා. නිදන්ගත රෝගවලන් පෙළන සහ විශේෂ අවශ්‍යතා සහිත වයස අවුරුදු 12ට වැඩි දරුවන් එන්නත් කිරීමේ වැඩසටහන කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී ආරම්භ වුණේ අවුරුදු 14ක දැරියකට ෆයිසර් එන්නත ලබාදීමෙන්.
ඊට සමගාමීව නිධන්ගත රෝගවලින් පෙළෙන සහ විශේෂ අවශ්‍යතා සහිත වයස අවුරුදු 12ට වැඩි දරුවන් එන්නත් කිරීමේ වැඩසටහන කුරුණෑගල ශික්ෂණ රෝහලේදී මෙන්ම අනුරාධපුර ශික්ෂණ රෝහලේදීද අද සිදුකෙරුණා. අවුරුදු 12ට වැඩි දරුවන් එන්නත් කිරීම සඳහා ෆයිසර් එන්නතට ඉකුත් මැයි මාසයේදී නිෂ්පාදන සමාගම අනුමැතිය ලබාදුන්නා.
මේ අතර ළමුන් සඳහා වන එන්නත්කරණ වැඩපිළවෙල ඔක්තෝම්බර් අවසානය වන විට සිදු කර අවසන් කිරීමට හැකිවනු ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියාසිටියේ. මෙරට ළමුන් සඳහා වන එන්නත්කරණ වැඩපිළිවෙල අද (24) නිල වශයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ වයස අවුරුදු 12 – 19 අතර සංකුලතා සහිත දරුවන් මෙම වැඩපිළිවෙල යටතේ මුලිකව එන්නත්කරණයට ලක් කෙරෙන බවයි.
ඒ අනුව කායික හා මානසික සංකූලතා සහිත දරුවන්ට මෙම එන්නත මුලිකව ලබාදීම සිදුවනවා. විශේෂඥ වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ මුලික රෝහලකින් ඉහළ රෝහලක් තුළදී මෙම එන්නත්කරණය සිදු කෙරෙනවා. සෞඛ්‍ය අංශ මේ වන විට හඳුනා ගෙන ඇති ආකාරයට ශ්‍රී ලංකාව තුල වයස අවුරුදු 12 – 19ත් අතර විවිධ සංකූලතා සහිත දරුවන් 35000ක් පමණ සිටිනවා.
ඒ අනුව ඔවුනට ෆයිසර් එන්නත ලබා දීමටයි තීරණය කර ඇත්තේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍ය අංශය ඇතුළු සියලු ක්ෂේත්‍ර හා අධ්‍යාපන ක්ෂේත්‍රය සමඟ මෙම වැඩපිළිවෙල පිළිබද දීර්ඝව සාකච්චා කල අතර එහිදී ගනු ලැබු තීන්දු තීරණ ඔස්සේ ළමුන් සඳහා එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කල බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත මේ පිළිබදව දැඩි අවධානය යොමු කර ගත යුතු ක්‍රියාමාර්ග හා නිර්ණායක පිළිබදව දැඩිව සාකච්ඡාවට ලක් කෙරුණු බව ද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙහිදී සඳහන් කළා. වෛද්‍ය අංශයේ නිර්දේශ මත විවිධ සංකූලතා සහිත දරුවන් සුපරික්ෂාවට ලක් කරමින් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ අරමුණින් එම දරුවන් සඳහා මුලිකව එන්නත්කරණය සිදු කරන බවයි ඔහු පෙන්වා දුන්නේ.
මෙම වැඩපිළිවෙල අනුව මුලිකව සුදුසුකම් ලත් දරුවන්ට වෛද්‍ය උපදෙස් අනුව ගන්නා වු තීරණ ඔස්සේ එන්නත්කරණය සිදු කරන අතර එහි විද්‍යාත්මක පදනම තුළ සිට වෛද්‍ය හා සෞඛ්‍ය අංශය විශ්ලේෂණාත්මක කටයුතු තරන බව ද සෞඛ්‍ය අමාත්‍ය වරයා මෙහිදී කියාසිටියා.
ලබන සඳුදා (27) සිට කොළඹ දිස්ත්‍රික්කයේ අනෙකුත් රෝහල්වලදී ද මෙරට ළමුන් සඳහා වන එන්නත්කරණ වැඩපිළිවෙ ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |