කොවිඩ් ආසාදනයවීමෙන් පසු එන්නත ගත්තොත් භයානකද..ප්‍රතිඵල නැද්ද..?

covid19 vaccination delta variant Nileeka Malavige Influvansa
By Sewvandhi Sep 24, 2021 01:34 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් ආසාදනය වී පසුව එන්නත් ලබාගත් හෝ එන්නත් ලබාගෙන පසුව කොවිඩ් ආසාදනය වූ පුද්ගලයින් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අණුක ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය අනාවරණයක් කළාය.

එහිදී මහාචාර්යවරිය පෙන්වා දෙන්නේ එවැනි අය තුළ ඇතිවන ප්‍රතිශක්තිකරණය ඉතාමත් ඉහළ බවය.

"ඩෙල්ටා විකෘති වෙන්නේ තව තව සීග්‍රයෙන් පැතිර ගියොත් තමයි. කොවිඩ් එන්නත් දෙකම ලබාගෙන කොවිඩ් හැදිලා හරි, කොවිඩ් හැදිලා එන්නත් ලබාගත් අය ගත්තොත්. එහෙම වුණාම ඇතිවන කොවිඩ් ප්‍රතිශක්තිය ඉතාමත්ම ඉහළයි. මහාචාර්ය සාරා ගිල්බට් පැවසුවේ කොවිඩ් සාමාන්‍ය හෙම්බිරිස්සාවක් තත්ත්වයට පත්කළ යුතු බව. ලෝකයේ සියලුම රටවල ඩෙල්ටා. අනෙකුත් ප්‍රභේද 1%ක් බවට පත්වෙලා. ප්‍රභේද වෙනස් වෙයි. ඉන්ෆ්ලුවන්සා වගේ එන්නත ලබාදෙන්න වෙයි."

මේ අතර, කොවිඩ් ආසාදිත දරුවන් මියයෑමට ප්‍රධාන හේතුවක්වන්නේ ප්‍රමාද වී රෝහලට පැමිණීම බව ළමා රෝග හා මරණ පිළිබඳ ජාතික වැඩසටහනේ කළමණාකරු, ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා පවසයි.

මේ වනවිට දරුවන් 53,000කට කොවිඩ් වෛරසය වැලඳී ඇති බවට වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත වාර්තාකර තිබෙන බවද මෙහිදී අනාවරණය කෙරුණි.

"වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව මේ වනවිට දරුවන් 53,000කට කොවිඩ් රෝගය වැලඳිලා තියෙනවා. මේ වසර දෙක තුළ අවාසනාවන්ත ලෙස ඉන් දරුවන් 64 දෙනෙකු මියගොස් තිබෙනවා. ඊයේ වාර්තා අනුව. දෙන්නෙක් මියගියේ 2020දී. අනෙක් දරුවන් 62කම මියගියේ මේ වසරෙදි. මේ මියගිය දරුවන්ගෙන් 31ක් අවුරුදු 1ට අඩු අය. බිළිඳන් 16ක් ඒ අතර ඉන්නවා. අවුරුදු 1ත් 5ත් අතර දරුවන් 14ක්, අවුරුදු 6ත් 12ත් අතර දරුවන් 12 දෙනෙක්, අවුරුදු 13ත් 18ත් අතර දරුවන් 07 දෙනෙක් ඉන්නවා. මේ මියගිය දරුවන් 64න් 33 දෙනෙකුටම සංකූලතා තිබිලා තියෙනවා. මේ මියගිය 64 දෙනාම ගෙවල්වල හිටපු ළමයි. ඒ ළමයි සමාජගත වෙලා නෑ. මේ මරණ විශ්ලේෂණය කිරීමේදී අපි දැනගත්ත ප්‍රධාන දේ තමයි රෝහලට ප්‍රමාද වී පැමිණීම තමයි මරණවලට හේතුව."

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now