අද සිට ගෑස් නැවේදී ම පරීක්ෂාව - කරන්න යන දේ මෙන්න..
මෙරටට ගෙන්වන ගෑස් වරායට ඇතුළු කර ගැනීමට පෙර නෞකා තුළට ම ගොස් අදාළ ආයතන මගින් ඒවායේ ප්‍රමිතිය, තත්ත්වය සහ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ එමෙන්ම ගෑස් සමාගම්වල සිට වෙළෙඳපොළට නිකුත් කිරීමේදී ගෑස් සහ සිලින්ඩර පරීක්ෂා කිරීමේ කටයුතුද අද සිට ආරම්භ කරන බවයි.
එහිදී පූර්ව ආරක්ෂක උපාය මාර්ගයක් ලෙස ගෑස්වලට ගන්ධය ලබා ගැනීම සඳහා එක් කෙරෙන රසායනික ද්‍රව්‍ය පිළිබඳව ද පරීක්ෂණ කටයුතු සිදුකරන බව ඔහු කියා සිටියා.
මේ අතර, ඊයේත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගෑස් ආශ්‍රිත අනතුරු වාර්තා වී තිබුණා. නිට්ටඹුව - තිහාරිය, තලවාකැලේ සහ දිඹුල යන ප්‍රදේශවලින් මෙැවනි අනතුරු වාර්තා වූ අතර ඉන් කිසිවෙකුටත් හානි සිදුව තිබුණේ නැහැ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ, මෙතෙක් සිදු ව ඇති අනතුරුවල දී ගෑස් සිලින්ඩර පිපිරීයාම් කිසිවක් වාර්තා වී නොමැති බවයි. ගෑස් නලය, රෙගියුලේටරය හෝ ගෑස් උඳුන් පිපිරී යාමෙන් එම අනතුරු සිදුව ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |