යලිත් සීමා දාන්න වෙයි.. නැගිට ගන්න බැරි විදිහටම වැටෙන ලකුණු..?

COVID19 LOCKDOWN VACCINATION KEHELIYA RABUKWELLA CURFEW
By Sewvandhi Nov 11, 2021 06:04 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ජනතාවගේ හැසිරීමක් අයහපත් වුවහොත් නැවතත් සංචරණ සීමා පැනවීමට තීරණය වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි. ජනතාව කොරෝනා පාළනයට දක්වන දායකත්වය මත සංචාරණ සීමා පැනවීම හෝ නොපැමිණි වීම තීරණය වනු ඇතැයිද ඒ මහතා පැවසීය.

ජනතාව වසංගතය පාලනය ලබා දෙන දායකත්වය මත මෙම අවාසනාවන්ත තත්ත්වය රටින් තුරන් කළ හැකි බවත් ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව වෛරස පාලනයේ යහපත් තත්වයකට පැමිණ ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

දැනට සාර්ථක එන්නත්කරණයක් සිදුව ඇති නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජීවත් වීමට ජනතාව වග බලා ගත යුතු බවද ඔහු තවදුරටත් පැවසීය.

වසංගත තත්වය ඉතා දීර්ඝ කාලයක් පැවැති ඔහු ආර්ථික ප්‍රශ්න බොහෝ මතුවිය හැකි බවත් බොහෝ පිරිසකට දුක් විඳීමට සිදුවිය හැකි බවත් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය. කොළඹ දී මාධ්‍ය අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පල කරන ලදී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha