Covid ආසාදිතව මිය යන පුද්ගලයින් පිළිබදව ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..?

COVID19 VACCINATION HEMANTHA HERATH SOUTH AFRICA OMICRON
By Sewvandhi Dec 04, 2021 01:07 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙතෙක් කොරෝනා ආසාදිත ව මෙරට මිය ගිය පුද්ගලයින් 69%ක් කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා කිසිවක් ලබාගෙන නොතිබූ අය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

එමෙන්ම කොරෝනා ආසාදිතව මරණයට පත් වූ පුද්ගලයන්ගෙන් 31%ක් එක් මාත්‍රාවක් හෝ එන්නත් ලබා ගත් අය බවද හෙතෙම පෙන්වා දෙයි.

කොරෝනා මරණ වලින් 77%ක් වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන් බවත් පැවසූ ඔහු වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයන්ට මිය ගොස් ඇත්තේ 1.2%ක් බවද පැවසීය.

එමෙන් ම මරණයට පත්වූ සියලු දෙනාගෙන් 81%ක් මොන කිනම් හෝ නිදන්ගත රෝගයකින් පෙළෙන අය බවද හෙතෙම තවදුරටත් පැවසීය.

එමෙන්ම,මෙරටින් පළමු වරට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එම ආසාදිතයා නයිජීරියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු බව වාර්තා වේ. ඔහු මේ වන විට නිරෝධායනයට යොමුකර සිටින අතර පවුලේ සෙසු සාමාජිකයින් හා ආශ්‍රිතයින් හඳුනා ගනිමින් ඔවුන් පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගන්නා බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළේය.

"පහුගිය කාලය තුළ ලංකාවට පැමිණි, එම අවස්ථාවේ දී කොවිඩ් ලෙස හඳුනාගත්තු රෝගීන්ගේ නියැදි සියල්ලම ජාන පරීක්ෂණ සඳහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනාගාරයට අපි යැව්වා. එහි ප්‍රතිඵලයක් හැටියට තමා අප්‍රිකානු රටකින් පැමිණි එක පුද්ගලයෙක් ඔමික්‍රෝන් ප්‍රභේදය තියෙනවා කියලා හඳුනාගෙන තියෙන්නේ. මේ වෙනකොට අවශ්‍ය පියවර සියල්ල අරගෙන තියෙනවා. ඒ පුද්ගලයා මේ වනවිටත් නිරෝධායනය වෙලා තියෙන කෙනෙක්.

ඒ නිසා ඔහුගෙන් බලපෑමක් නැහැ. ඔහුගේ ඉතුරු පවුලේ අයවත් ඔහුගේ ගමන් සම්බන්ධතා පැවැත්වු සියලුදෙනා ඉදිරියේ දී තවදුරටත් නිරෝධායනයට ලක්කිරීමත් ඔවුන්ගේ නියැදි ලබාගෙන ඔවුන් ආසාදිත ද නැද්ද කියන පරීක්ෂණ කටයුතු ඉදිරියේ දී සිද්ද වෙනවා. අනියත බියක් ඇතිකර ගත යුතු නෑ. මේකෙන් එන පණිවුඩය තමා ගෝලීයකරණය එක්ක මෙවැනි දෙයක් රටකට ඇතුළු වීම එතරම් දෙයක් නෙමෙයි."

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාව පසුගිය මස 27 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 06ක් සඳහා තහනමක් පනවනු ලැබුවද එම රටවල් අතරට නයිජීරියාව ඇතුළත් කර නොමැත. දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, නැමීබියා, ස්වාසිලන්තය, ලෙසතෝ යන රටවල් සඳහා බලපැවැත්වෙන පරිදි එම තහනම පනවා ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW