මින් ඉදිරියට සවස 4.15 පසු සිදු වන දේ..? රටම විශාල අර්බුදයක - සභාපතිගෙන් ප්‍රකාශයක්..!

By Sewvandhi Dec 01, 2021 12:22 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ජාතික විදුලිබල මණ්ඩල විදුලි ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණද රටේ සිදු වූ හදිසි විදුලි බිඳ වැටීම් සම්බන්ධයෙන් ඔවුන් වහාම ක්‍රියාත්මක වී ඒවා යථාවත් කිරීමට කටයුතු කළ බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාර වඩු පවසනවා.

කෙසේ වෙතත් මේ වන විට විදුලි බල මණ්ඩල සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩෝ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අනුගමනය කරන අමනෝඥ වැඩපිළිවෙළ නිසා මින් ඉදිරියට සවස 4.15න් පසු සිදු වෙන කිසිදු විදුලි බිඳවැටීමක් යථාවත් කිරීමට කටයුතු නොකරන බව බවයි ඔහු පවසන්නේ.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් විදුලි ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා කියා සිටියේ මේ වනවිටත් විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් දෙදෙනෙකු කිසිදු සාධාරණ හේතුවකින් තොරව සභාපතිවරයා විසින් අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කර ඇති බවයි.

යුගදනවි විදුලි බලාගාරයේ කොටස් ඇමරිකානු නිව් ෆෝට්‍රස් සමාගමට පවරාදීම සම්බන්ධයෙන් විරෝධය දැක්වීමටයි විදුලි ඉංජිනේරුවන් මෙලෙස අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වී ඇත්තේ.මේ වන විටත් මෙම දූෂිත ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ද ඉදිරිපත් කර තිබෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලි ඉංජිනේරු සභාපති සෞම්‍ය කුමාරවඩු කියා සිටියේ සිය සංගමය අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියා මාර්ගයකට යොමු ව සිටිය ද පසුගිය දා සිදු වූ බරපතළ විදුලිය බිඳ වැටීම යථාවත් කිරීමටත් මුළු රැය පුරා වෙහෙසී කටයුතු කළ බවයි.

නමුත් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට විදුලිබල මණ්ඩල සභාපතිවරයා මේ ආකාරයෙන් අනවශ්‍ය මැදිහත්වීම් සහ බාධා කිරීම් සිදු කරන්නේ නම් එය තවත් දඩි කරනු විනා වෙනත් කිසිදු විකල්පයක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW